ඔබේ පරිත්‍යාගයෙන් වෙනසක් කරන්​න!

120

උපාංග
පරිත්‍යාග

100

සිසුන්ට
බෙදාදීම්

100

උපාංග
බෙදාදීම්

2M

වටි​නා උපාංග
බෙදාදීම්

ඉල්ලුම් කළ යුතු ආකාරය

1

පළමුව ඔබ මෙහි ලියාපදිංචි වන්න

2

උපාංග සඳහා වන ඉල්ලීම් පත්‍රය බාගත කරන්න

3

ඔබට මුද්‍රණ පහසුකම් නොමැතිනම්, මෙහි ඇති ආකෘති පත්‍රය හා සමාන වන නිවැරදි විස්තර සහිත ඉල්ලීම් පත්‍රයක් සකසන්න

4

ඔබේ ඉල්ලීම් පත්‍රය බලයලත් තැනැත්තෙකුගෙන් (විදුහල්පති හෝ ග්‍රාම නිළධාරි හෝ සමෘද්ධි නිලධාරි) සහතික කර ගන්න

5

බලයලත් පුද්ගලයා විසින් සහතික කරන ලද ඔබේ ඉල්ලීම් පත්‍රයයේ පින්තූරයක් මෙහි උඩුගත කරන්න

6

ඔබ සඳහා උපාංගයක් පරිත්‍යාගශීලීන්ගෙන ලැබුනු පසු, අප ඔබට දැනුම් දෙනු ලැබේ

1

පළමුව ඔබ මෙහි ලියාපදිංචි වන්න

2

ශිෂ්‍යා​ගේ විස්තර බලන්න

3

පරිත්‍යාග කරන උපකරණය පිළිබඳ විස්තර සපයන්න

4

පිරිවිතර, කොන්දේසි අනුව උපාංග සූදානම් කරන්න

5

උපාංගය එකතු කිරීමේ මධ්‍යස්ථානයට එවන්න

6

පරිත්‍යාග​යේ තත්ත්වය පරීක්ෂා කරන්න

නියමයන් සහ කොන්දේසි

ශිෂ්‍යයන් සඳහා

  • උපකරණය සඳහා අයදුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පළමුව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී, ලබා දී ඇති අයදුම්පත් ෆෝරමය බාගත කළ යුතුය.
  • බාගත කළ අයදුම්පත මුද්‍රණය කර හෝ ඒ හා සමාන ආකෘතික අයදුම්පතක් අත් අකුරින් සම්පූර්ණ කර, අප විසින් නම්කර ඇති නිළධාරියෙකු ලවා සහතික කිරීමෙන් පසු එහි පැහැදිලි ඡායාරූපයක් ඔබ මෙම වෙබ් අඩවියේ නම් කර ඇති ස්ථානය වෙත උඩුගත කළ යුතුය.
  • ඔබගේ අයදුම්පත පහත සඳහන් අයගෙන්, එක් නිලධාරියෙකුගෙන් සහතික කර ගත යුතුය; ඔබේ පාසලේ විදුහල්පති, ඔබ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, ඔබ ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීවරයා
  • ඔබේ අයදුම්පත නිවැරදිව සහතික නොකළහොත් හෝ අයදුම් පත්‍රයේ උඩුගත කරනු ලබන පින්තූරය අපැහැදිලි නම් ඒවා ප්‍රතික්ෂේප කරන බව කරුණාවෙන් සලකන්න.
  • යම් අවස්ථාවකදී ඔබ වෙත උපකරණයක් ලැබීමෙන් පසු ඔබ විසින් වෙබ් අඩවිය හරහා අපට දැනුම් දිය යුතුය.
 

පරිත්‍යාගශීලීන් සඳහා

  • ඔබ විසින් පරිත්‍යාග කරන ඩිජිටල් උපකරණ/උපාංග ළමයින්ට හානිකර විය හැකි සහ ආරක්ෂිත ඉගෙනුම් පරිසරයකට බාධාවක් විය හැකි කිසිදු අන්තර්ගතයකින් හෝ යෙදුම් වලින් තොර බවට වග බලා ගත යුතුය.
  • ඔබ විසින් පරිත්‍යාග කිරීමට සූදානම් වන සෑම උපකරණයක්ම සෑම උපාංගයක් සඳහාම අවම තාක්‍ෂණ පිරිවිතරයන්හි දක්වා ඇති අවම ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
  • උපාංග පිළිගනු ලබන්නේ ඒවා 2015 වර්ෂය හෝ ඉන් පසුව නිෂ්පාදනය කළ ඒවා පමණක් වන අතර ඒවා වැඩ කරන සුදුසු තත්ත්වයන්ට අනුකූලව තිබිය යුතුය.
  • උපකරණය සමඟ ඔබ පරිත්‍යාග කරන වෙනත් ඕනෑම පර්යන්ත උපාංගයක් ද හොඳ තත්ත්වයේ පවතින බවට කරුණාකර සහතික වන්න.
  • පරිත්‍යාග කරන ලද උපාංගවල කැඩුණු/හානියට පත් වූ තිරයක්, පිටුපසක් හෝ අනයම් අකාරෙයේ කිසිවක් නොමැති බවට කරුණාකර වග බලා ගන්න.
  • ඔබ විසින් ලබාදෙන ලැප්ටොප් එක හෝ ස්මාර්ට් දුරකථනයක් හෝ වෙනත් පර්යන්ත අයිතම පරිත්‍යාග කිරීමට පෙර, උපාංගයේ ගබඩා කර ඇති පුද්ගලික හෝ වැදගත් හෝ සියලූම ආකරයේ දත්ත උපස්ථ (Backup) කර මකා දමා ලබාදීමට වග බලා ගන්න.

මෙම වැඩසටහන ගැන

අපි එක්ව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය ශක්තිමත් කිරීමට සමත් විය.

වර්තමාන ගෝලීය සහ දේශීය වශයෙන් සිදුවන ඩිජිටල් කරන ක්‍රියවලිය හමුවේ මෙන්ම, ව්‍යසන කාරී තත්ත්වයන් තුළදී අඛණ්ඩව අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය අඩු වරප්‍රසාද ලත් සිසුන්ගේ අවශ්‍යතාවයන් මල්ඵල ගැන්වීම සඳහා ICTA ආයතනය සහය දැක්වීමේ සෘජු ප්‍රතිඵලය වූයේ “Lighting Digital” වැඩසටහන සඳහා මුලපිරීමයි. මෙම මුලපිරීම මගින් සෘජුවම දේශීය වශයෙන් මෙන්ම ගෝලීයව පරිත්‍යාගශීලීන්ට තම පරිත්‍යාග, අධ්‍යාපන ක්‍රියවලිය සඳහා ඩිජිටල් උපාංගයක් අවශ්‍ය වන සැබෑ ශිෂ්‍යයෙකු වෙත පරිත්‍යාග කිරීමට පහසුකම් සලසා දී ඇත.

“Lighting Digital” මුලපිරීමේ අරමුණ වන්නේ පරිත්‍යාගශීලීන්ට තමන් වෙත ඇති අමතර ඩිජිටල් උපාංග අඩු ආදායම්ලාභී සිසුන්ට උපකාර කිරීම සඳහා විශ්වාශනීයව පරිත්‍යාග කිරීමට හෝ නව උපකරණයක් මිලදී ගෙන පරිත්‍යාග කිරීම සඳහා විශ්වාසදායක වේදිකාවක් නිර්මාණය කිරීමයි.

නිති අසන පැණ

පළමුව ඔබ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු අතර, ලබා දී ඇති උපදෙස් අනුව ඉල්ලීම් ලේඛනය පුරවා එය පරීක්‍ෂා කර, සත්‍යාපිත ලේඛනය වෙබ් අඩවිය වෙත උඩුගත කරන්න.

ලබා දී ඇති අවම පිරිවිතරයන්ට අනුකූලව සිසුන් හට තම අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කල හැකි ලැප්ටොප්, ටැබ් උපාංග සහ ස්මාර්​ට් ජංගම දුරකථන වැනි නවතම හෝ පාවිච්චි කළ, හොඳ තත්ත්වයේ ඩිජිටල් උපාංග අපි පිළිගනිමු.

1 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඕනෑම සිසුවෙකුට උපාංගයක් සඳහා ඉල්ලුම් කළ හැකි අතර 5 ශ්‍රේණිය (ශිෂ්‍යත්වය), 10,11 ශ්‍රේණිය (අ.පො.ස. සා/පෙළ) සහ 12,13 ශ්‍රේණිය (උසස් පෙළ) සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දේ.

ඔබට අපගේ අනුමත විකුණුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් උපකරණයක් මිලදී ගෙන පරිත්‍යාග කළ හැකිය. එමෙන්ම මෙම ජාතික වැඩසටහන පිළිබඳව ප්‍රචාරය කිරීමෙන් හා ප්‍රජාව දැනුවත් කිරීමෙන්ද ඔබට උදව් කළ හැකිය.

අනිවාර්යයෙන් ඔව්. ඔබ පරිත්‍යාග කරන උපාංගයේ ඇති සියලුම දත්ත ඉවත් කිරීමට ඔබට සිදු වේ. තවද සිසුන්ට නොගැලපෙ​න අන්තර්ගතයක්, යෙදවුමක් හෝ අන්යම් ආකරයේ කිසිවක් ලබා නොදෙන බවට සහතික වීම ඇතුළුව, පෞද්ගලික හෝ සංවේදී දත්ත නොමැති බවට ඔබ අපගේ නියමයන් හා කොන්දේසි සමඟ සහතික විය යුතුය.

මෙම වෙබ් අඩවිය ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවන්ට සහය දක්වයි.

ඔබ විසින් ලබාදුන් පරිත්‍යාගය අපගේ මධ්‍යස්ථානයට ලැබීමෙන් පසු එය තත්ත්ව පරීක්ෂාවෙන් සමත්වීමෙන් හා තෝරාගත් ලබන්නා වෙත ඔබේ උපාංගය යැවීමෙන් පසු, ඔබට දැනුම් දීමක් ලැබෙනු ඇත. 

ඔබගේ පෝරමය නිවැරදිව පුරවා ඇත්නම් හා එය අප විසින් පරීක්ෂා කර බලා සුදුසු යැයි තෝරා ගැනීමෙන් පසු, මෙම වෙබ් අඩවියේ ඔබේ නම ශිෂ්‍ය ලැයිස්තුවේ දිස්වනු ඇත.

සහකරුව​න්