නියමයන් සහ කොන්දේසි
ශිෂ්‍යයන් සඳහා
- උපකරණය සඳහා අයදුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පළමුව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී, ලබා දී ඇති අයදුම්පත් ෆෝරමය බාගත කළ යුතුය.
- බාගත කළ අයදුම්පත මුද්‍රණය කර හෝ ඒ හා සමාන ආකෘතික අයදුම්පතක් අත් අකුරින් සම්පූර්ණ කර, අප විසින් නම්කර ඇති නිළධාරියෙකු ලවා සහතික කිරීමෙන් පසු එහි පැහැදිලි ඡායාරූපයක් ඔබ මෙම වෙබ් අඩවියේ නම් කර ඇති ස්ථානය වෙත උඩුගත කළ යුතුය.
- ඔබගේ අයදුම්පත පහත සඳහන් අයගෙන්, එක් නිලධාරියෙකුගෙන් සහතික කර ගත යුතුය.
-
-
ඔබේ පාසලේ විදුහල්පති
-
ඔබ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී
-
ඔබ ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීවරයා
-
-
- ඔබේ අයදුම්පත නිවැරදිව සහතික නොකළහොත් හෝ අයදුම් පත්‍රයේ උඩුගත කරනු ලබන පින්තූරය අපැහැදිලි නම් ඒවා ප්‍රතික්ෂේප කරන බව කරුණාවෙන් සලකන්න.
- යම් අවස්ථාවකදී ඔබ වෙත උපකරණයක් ලැබීමෙන් පසු ඔබ විසින් වෙබ් අඩවිය හරහා අපට දැනුම් දිය යුතුය.
පරිත්‍යාගශීලීන් සඳහා
- ඔබ විසින් පරිත්‍යාග කරන ඩිජිටල් උපකරණ/උපාංග ළමයින්ට හානිකර විය හැකි සහ ආරක්ෂිත ඉගෙනුම් පරිසරයකට බාධාවක් විය හැකි කිසිදු අන්තර්ගතයකින් හෝ යෙදුම් වලින් තොර බවට වග බලා ගත යුතුය.
- ඔබ විසින් පරිත්‍යාග කිරීමට සූදානම් වන සෑම උපකරණයක්ම සෑම උපාංගයක් සඳහාම අවම තාක්‍ෂණ පිරිවිතරයන්හි දක්වා ඇති අවම ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
- උපාංග පිළිගනු ලබන්නේ ඒවා 2015 වර්ෂය හෝ ඉන් පසුව නිෂ්පාදනය කළ ඒවා පමණක් වන අතර ඒවා වැඩ කරන සුදුසු තත්ත්වයන්ට අනුකූලව තිබිය යුතුය.
- උපකරණය සමඟ ඔබ පරිත්‍යාග කරන වෙනත් ඕනෑම පර්යන්ත උපාංගයක් ද හොඳ තත්ත්වයේ පවතින බවට කරුණාකර සහතික වන්න.
- පරිත්‍යාග කරන ලද උපාංගවල කැඩුණු/හානියට පත් වූ තිරයක්, පිටුපසක් හෝ අනයම් අකාරෙයේ කිසිවක් නොමැති බවට කරුණාකර වග බලා ගන්න.
- ඔබ විසින් ලබාදෙන ලැප්ටොප් එක හෝ ස්මාර්ට් දුරකථනයක් හෝ වෙනත් පර්යන්ත අයිතම පරිත්‍යාග කිරීමට පෙර, උපාංගයේ ගබඩා කර ඇති පුද්ගලික හෝ වැදගත් හෝ සියලූම ආකරයේ දත්ත උපස්ථ(Backup) කර මකා දමා ලබාදීමට වග බලා ගන්න.